Tuesday, July 10, 2012

තනිකම ආත්මය කරගත්... වින්දනීය මනසකින්යුත් ... තවත් එක බඩුකාරයෙක්...

පසුව ලියන පෙරවදන


ඇනොනිමස් ආතල් යනු මාරයාට කෙලින පෝස්ට් පමණක් පලකරන ස්ථානයක් බව මට පසක්වූයේ අය්යලා අක්කලා බොහොමයකගේ කමෙන්ට් කියවීමෙන් පසුවය. මටත් රියල් ඇනෝ කෙනෙක් වන්නට ඕනෑ නිසා මාරයාට කෙලපු ලිපිය හැර අනිත් ලිපි සියල්ල ඉවත් කලෙමි. මාරයා සම්බන්ධ ලිපි තිබේ නම් එවන්න
.




සමහර අය බ්ලොග් ලියන්නේ තමන්ගෙ ආත්මතෘප්තියට. තවත් අය බ්ලොග් ලියන්නේ තමන්ගෙ වෙනත් අරමුණු ඉ‍ටුකරගන්න. එයින් බහුතරයක් බ්ලොග් ලියන්නෙ ආතල් එකට හරි සීරියස් හරි බඩුවක් සෙට් කරගන්න.  එහෙම කර ගන්න මේ ලියන අය එක එක තියරිත් පාවිච්චි කරනවා.


සමහරු තමන්ගේ තනිකම දුක කියාගෙන අඬා වැලපෙනව. තවත් සමහරෙක් ගෑනු ලමයින් කියෙවුවම ඇඬෙන විදියෙ කවි ලියනවා.  ඒ දෙකම කරන්න තරම් හැකියාවක් නැති උන් ගිහිල් ගෑනු ලමයින්ගෙ රෙදි අපුල්ලනවා. මේ හැම ක්‍රමේකටම වඩා වෙනස් ක්‍රමයක් තමා මේ කියන අය්යට තියෙන්නේ.


අය්යා අත බලල සාත්තරෙන් තමා තමන්ගෙ වැඩේ කරගන්නේ. චැට් හරහා ගෑනු ලමයින්ගෙ උපන් වෙලාව ගෙන්නගෙන කේන්දරේ බලලා අනාගත සහකරු ගැන විස්තර කියනවා. මොන ගෑනු ලමයගේ කේන්දරෙත් ඉන්න අනාගත සහකරුගෙ විස්තර අපේ අය්යගෙ විස්තරම තමයි.


නොදන්න ජෝතිශ්‍ය විකුනගෙන කාල කෙල්ලො සෙට් කරගත්තට ජෝතිශ්‍යට විරුද්ධව කවුරු හරි කතා කරද්දි මේ අය්යා ඒවට සම්බන්ධ නොවීමෙන් අය්යගේ ජෝතිශ්‍ය ගැන තියෙන නොදන්නකම හොඳටම පේනව. අය්ය මේ විදියට අනන්තවත් නඩුව බලවලා තියෙනව.


අය්යගේ බ්ලොග් එක වටේ නැලවෙන පලවෙනි කමෙන්ට් එකට මරාගන්න හදන අක්කලා නංගිලා හැමෝම අය්යගෙ අතින් නැලවෙන අය තමා.  අය්ය නඩුව බලවන්නේ කාලයයි. එකක් නලවලා ඇති උනාම ඊලඟ එක නලවන්න ගන්නවා. ඒක බ්ලොග් එකේ කමෙන්ට් බැලුවම හොඳටම පේනවා.


අනික අය්යගේ බ්ලොග් පෝස්ට් ලියවෙන්නෙත් ඒ කාලෙට නලවන නංගිට ගැලපෙන විදියට තමයි.  අය්යගේ තියෙන හොඳම ගතිගුණය තමන් නලවන කෙල්ලට ට්‍රයි කරන අනිත් එවුන්ට අපහාස කරල උන්ගෙ චරිතය ඝාතනය කරල උන්ව සහ මුලින්ම සීන් එකෙන් අයින් කරලම දාන එක.


අයිය කලින් කලට දේශපාලනේ ගැන කතා කරන්න ගිහින් හැමදාම කරන්නෙ හොඳටම නාගන්න එක. අය්යගේ ආසනික් පෝස්ට් එක බැලුවම නම් මේ බව හොඳටම පේනව. හැබැයි කොච්චර නාගත්තත් අය්ය හිතාගෙන ඉන්නෙ අය්ය තරම් පොලවෙ පය ගහල ඉන්න දේශපාලනේ ගැන දන්න වෙන එකක් නැහැ කියල.


බ්ලොග් හරහා බිස්නස් කරන අයත් එක්ක ලොකු තරහක් තියෙන අය්යා බ්ලොග් බිස්නස් කාරයන්ව නැති කරන්න පුලුවන් හැමදේම කරනව. ඒත් අන්තිමට ගත්තම ස්කයිප් වලින් කේන්දර බලන්න 1000 යි, මේල් වලින් කේන්දර බලන්න 600 යි කියල අය්ය කරන්නෙත් බ්ලොග් හරහා බිස්නස් එකක්ම නේද?